Sunday, February 26, 2012

අරගලයක් නොවූ ජන අරගලය.. ( මෙන්න නියම වැඩක්)

 මේ කස්ටිය අපිට මුණ ගැසුනේ මහරගම දීග මෙ ගොල්ලෝ මේ වැඩේ  කියමේට plan  කරලා තියෙනවා.



 අපි කවුරුත් දන්න හැටියට පෙබරවාරි මාසය කියන්නේ ආදරවන්තයින්ගේ මාසය. මේ මාසේ 14 වෙනිදාට ආදරවන්තයින්ගේ දවස යෙදී ඇති බැවිනි.

එහෙත් මේ පාර ලංකාවටනම් ආදරවන්තයින්ගේ දිය පසුකර වැඩි දුරක් යන්නට පෙර ඉතා සුවිශේෂි වූ අනර්ඟ ත්‍යාගයක් ලැබුනා.
ඒක ලැබුනේ සියළු ශ්‍රී ලාංකිකයන් හට එම ත්‍යාගය භුක්ති විඳිය හැකි ලෙසය.



අටුවා ටීකා දෙඩීමෙන් අපට ඇති ප්‍රයොජන මොනවාද? මම ඒක නිසා කෙලින්ම කථාවට එන්නම්....

අපි මුලින් කථා කළ ත්‍යාගය වන්නේ රටේ වැඩි වූ ඉන්ධන මිල ගැනයි. ඒත් එක්කම බස් ගාස්තු, පාන්, ආදී දේද මිල ඉහළ ගියේ අපිට
Happy වැලන්ටයින් Day  කියන්නට මෙනි.


මන්ද අද අපිට ජීවිතය ඉදිරියට ගෙනයාමට අවශ්‍ය සියළු දේ හා තෙල් මිල බැදී පවතීමයි.

මෙහි ප්‍රතිඵලය හොදින්ම භුක්ති විඳින්නේ එදා වේල හම්බුකරන් කන මිනිසුන්ටය...
ඉතින් මේ ප්‍රශ්ණය දෙස ඇහැක් යොමු කළ එක්තරා පිරිසක් විසින්  එක්තරා ක්‍රමයකට ඒ පණිවිඩය මහජනයා හට මේ පණිිවිඩය ටගන ඒමට දැරූ උත්සහයක ප්‍රතිඵලය ලෙස අපිට මේ ජන අරගල ව්‍යාපාරය මහරගම දී හමු වුනේ තවත් අලුත් වැඩක් එක්කය.


මේ කුඩා කණ්ඩායම 2012 පෙබ. 25  මහරගමට එකතු මහරගම නගරය තුළ ඉතා සාමකාමී හා විනෝදකාමී උද්ගෝෂණයක් කරමින් මහරගම ජනතාවට ඔවුන්ගේ පණිවිඩය ගෙනයෑමට අලුත් තාලේ නව උපක්‍රමයක් යොදාගෙන තිබූ අයුරු මේ ඡායාරූප පෙළ තුළින් ඔබට දැකගත හැකිය.

ඔවුන් විසින් කිසිදු අයුරකින් මහා හාර්ගයට හෝ පාරේ ගමන් ගත් මහ ජනතාවට කිසිඳු කරදරයක් බාධාවක් නොවන අයුරින් මේ MODIFIED උද්ගොෂණ ව්‍යාපාරය ගෙන ගියේ ඒ තුළට සංගීතයද මුසු කරමිනි... 

මොවුන් ම‍හා මාර්ගයට බාධා කළේ නැත,
මහා මාර්ගය මැද ගිනි ගොඩවල් ගැසුවේද නැත.
පාරේ යන බස් රථ වලට ගල් ගැසුවේද නැත,
මහා මාර්ගයේ මගියෙකුට වත් ගමන් කළ නොහැකි ලෙස මිණි පෙට්ටි රුගෙන පාරට බැස්සේද නැත,

ඔවුන් කළේ ප්ලාස්ටික් බැරල් හා ටින් බෙලෙක්ක ටිකක් එකතු කරගෙන තමන්ටම ඔවුන්ටම ආවේනික වූ ආකාර‍යට බැනර් පොස්ටර් ටිකක් නිර්මාණය කරගෙන,
එයත් ඉතා නිර්මාණ ශීලි ලෙස මිනිසුන්ගේ ඇස් ඇදගන්නා ලෙස සකසාගෙන,
සහයට බොන්ගෝ බෙරයක සහය ද එක්කොට ඔවුන් විසින්ම නිර්මාණය කරගත් ගීත ගායනා කරමින් කුඩා දරුවා පවා මොවුන් වෙතට ආකර්ශණය කර ගත්තේ සියළු සිත් වලටද මහත් විනෝදාස්වාදයක් ලබා දෙමිනි.

මේ කණ්ඩායම කවුද කියන්නට අපි නොදත්තෙමු,
මොවුන්ගේ අරමුණ ද අපි නොදන්නෙමු,
නමුත් අපි එක දෙයක් නම් දැන් දන්නෙමු,
ඒ මේ කණ්ඩායමට නිර්මාණ ශීලි හා මානුශික හැඟීම් ඇති බවය.

ඊට පසු දින ද තවත් රතු තොප්පි කාරයන් පිරිසක් මහරගම නගරයට පැමිණියේ පාරේ යන මිනිස්සුන්ට දහඩිය පිස දැමීමට පත්තර කොළ බෙදීමට ජන මාධ්‍යද එක්රැස් කරගෙනය...
මහා මාර්ගයට මෙන්ම මඟින්ටද මහත් බාධාවක් වූ මේ පිරිස මහරගම නගරය අපිරිසිදු කිරීමට නම් මහත් සහයක් දක්වූ අයුරු නම් අපට දැක ගත හැකි විය...



ඔවුන්ගේ කිසිඳු ඡායාරූපයක් මෙහි අඩංඟු නොවන බව කරුණාවෙන් සලකන්න....

සුරේෂ් මධුශාන්










Wednesday, February 8, 2012

මුදලට හා කම් සැපට වහල් වූ ගැහැණියකගේ ඉරණම....


මුදලට හා කම් සැපට වහල් වූ ගැහැණියකගේ ඉරණම....

මේ කථාව අපට දිග හැරෙන්නේ අඹේපුස්ස ප්‍රදේශයේ මීට මාස කිහිපහකට උඩදී සිදුවූ සත්‍ය සිදුවීමක් ඇසුරෙනි.....

දිනක් එක්තරා පොලිස් ස්ථානයකට පැමිණි මැදිවියේ මිනිසෙකු මේ අයුරින් පොලීසියේ පැමිණිලි පොතට නව පැමිණිල්ලක් එකතු කරන්නට සමත් විය.
“අනේ සර්, මගේ සුරේකා ළිඳට පැන්නෙ නෑ සර්. ඒ ගැණිගෙ කසාඳ මනුස්සයා මමයි සර්. අර මිනිහා සුරේකට මොනවා හරි කරන්නැති සර් ” මේ ඔහුගේ ආදරයේ නාමයෙන් ඇහෙන අදෝනාවයි.
ඔහුගේ දුක් ගැනවිල්ලට සාවදානව ඇහුම් කන් දුන් පොලිස් නිළධාරීන් ඔහුගේ පැමිණිල්ල පොලිස් පොතේ සටහන් කරගත්තා පමණක් නොව, මීට දින කිහිපයකට පෙර සිදුවූ මෙම සිදුවීම සම්බන්ධයෙන් නැවත් පරීක්ෂණ අලුත් මුහුණුවරකින් අරභන්නටද අමතක නොකළේ මෙම සිදුවීම එතරම් සූක්ෂම බව හැඟුණු නිසාවෙන්ම විය හැකිය.

මෙහි වස්තු බීජය, නොහොත් සුරේකා ජයලත් කුමාරි. දැනට තිස් එක් හැවිරිදි ඇය දෙදරු මවකි. මේ වන විට ඇයට අවුරුදු දා හතරක(14) හා නවයක(9) පුතුන් දෙදෙනෙකු සිටියි!!!
සුරේකා, මධ්‍යම ප්‍රාන්තික සාමාන්‍ය පවුලක උපන් ඇය අඹේපුස්ස ප්‍රදේශයේ පදිංචි කාරියකි. ඇයට තව සහෝදර සහොදරියන්ද සිටියාය. ඇයගේ කථාව ආරම්භ වන්නේ ඇගේ පාසල් කාලයෙනි! ඒ වන විට ඇගේ වයස යන්තම් අවුරුදු පහ‍ළොව(15) සම්පූර්ණ වූවා පමණෙකි. අද මේ වයසේ සිටින බොහෝ දරුවන්ට මෙන් ඇයටද නිවසින් නොලැබෙන ආදරයක උණුසුම අවශ්‍ය වන මල්සර හී පහර වැදුණි. ඇය ඇයගේම ආදරයක් සොයන්නට උත්සහ කළ අතර ඇයට ඇගේ ආදරයද හමු විය. ඇයගේ වල්ලභයා වූයේ ඇයගේ ප්‍රාද්ශයේ පදිංචිව සිටි වැල්ඩින් රැකියාව තම ජීවනෝපාය කරගත් තරුණයෙකි.
අළුත උපන් ආසරයේ නෑඹුල් ඵල නෙලන්නට ඈ තම සිප් සතරට නිවන් සුව පතා පාසලෙන් ස්වර්ගස්ථ වූයේ ආදරයෙන් භෟතීස්මය ලබන්නටය. වයස අවුරුදු දහසය සම්පූර්ණ වන්නට ප්‍රථමයෙන් විවාහ ජිවිතයට එළඹි ඈ කටේ කිරි සුවඳ යන්නටත් මත්තෙන් තම තන පුඩුවලින් තවත් බිළිදෙකුගේ තොලේ මවු කිරි කට ගෑවේ තම නෑඹුල් ඵලය මෙලොවට බිහිකරමිනි. විවාහ ගිවිස ගත් විගස බිහිකළ මේ පුතු දැනට අවුරුදු දහ හතරක පුංචි කොලු ගැටයෙකි.
මොවුන්හට එතරම් වත්කමක් හෝ ආදායමක් නොමැති වුවද මොවුන් ඉතා සතුටින් කාලය ගතකල අතර මෙම පුංචි කුරුළු කූඩුවට තවත් සතුට එකතු කරන්නට නොබෝ කලකින්ම තවත් අමුත්තෙකුද එකතුවිය. ඇය වැඩි කල් යන්නට මත්තෙන් තවත් දරුවෙකු බිහිකල අතර මේ වන විට ඔහුද වයස අවුරුදු නවයක දඟයෙකි!
මොවුන් ඉතා සතුටින් කාලය ගත කල අතර සමහර දිනවලදී නිමල්ගේ හිත මිතුරන් පවා මේ සතුටට එකතු විය... නිමල්‍ බොහෝ යහළුවන් ඇසුරු කළ අයෙකි. මේ අතර කැපී පෙනෙන චරිතයක් විය. ඔහු නමින් සමන් වන අතර අඹේපුස්ස ප්‍රදේශයේම පදිංචි කරුවෙකු වූ ඔහුට ඔහුගේම හෝටලයක් හා ලී මෝලක් විය. යන්නට එන්නට වාහනයක් ඔහුට තිබුණු අතර ඔහු අත මුදල් හදල් යහමින් ගැවසුනි. එනිසාම නිමල්ගේ යහළුවන් අතර ඔහු කැපී පෙනෙන චරිතයක් විය. සමන් විවාහකයෙකු වන අකර ඔහුටද දරුවන් දෙදෙනෙකු සිටියි. වැඩිකල් නොගොස්ම ඔහු නිමල්ගේ බිරිඳගේද හොඳ මිතුරෙකු විය.
මොවුන් ඉතා සතුටින් කාලය ගතකළ අතර එකවරම මේ කුරුළු කූඩුවට කන කොකා හඬන්නට විය. දිනෙන් දිනම පවුල් සංස්ථාව බිඳවැටෙන්න‍ට වූ අතර සමහර දිනයන්හීදී මේ ආරවුල් බොහෝ දුර ගිය අවස්ථාද නොති‍බුණාම නොවේ...
මේ ආරවුල් වලට මූලික හේතුව වූයේ නිමල්ගේ පොසත් යහළුවාය. ආදරය යනු කෙදිනකවත් සැඟවිය නොහැකි දෙයක් බව ඔබටත් මටත් තවත් අරුමයක් නොවන බව අපි පැහැඳිළිවම දන්නා කරුණකි. එනම් සුරේකා තමන් විවාහක බවත්, තමන්ට හෙට අනිද්දාට උස මහත් වී සමාජයට මුහුණ දෙන්නට තරම් වයසැති දරු පැටවු දෙදෙනෙකු සිටින බවත් අමතක වී පොහොසත් නිමල් සමඟ හාද කමක් පටන් ගෙන තිබීමයි. ආදරය කැස්සකින් වත් සඟවන්නට නොහැකි යැයි පැරණි කියමනක් තිබේග එලෙසම මෙම තහනම් ආදරයද බලළා මල්ලෙන් එළියට පනින්නා සේ නිමල්ට පමණක් නොව අවට ගම්මුන්ටද එළිපිටම දකින්නට හැකි විය. ඉතින් තම ප්‍රියඹගේ මේ දුරාචාරී ක්‍රියාව ඉවසිය නොහැකි වු ඔහු සමහර දිනයන් හීදි රණ්ඩු සරුවල් පවා නොකළාම නොව. කිසිම සැමියෙකුට තම අඹුව අනියම් ප්‍රේමයක අමා රස විඳිනබව කෙසේ ඉවසිය හැකිදැයි ඔබ විවාහකනම් හොදින් දනී. එසේම අවිවාහකයෙකු වුවත්, තම ප්‍රේම වන්තිය වෙනත් පෙමක් වෙතට ඇදෙන බව යන්තම් හෝ දැනෙනවිට තම ජීවිතය පවා අහිමි කරගන්නට තරම් හැඟිම්බර වූ අවස්ථි එමටය. එසේ සියදිවි නසාගත් තරුණයින් ගැන කතා අප සමාජයේ ඕනෑ තරම් ඇත. එනමුදු එම භ්‍රෘංග රාජයින්ගේ බිසෝවරුන් නම් ඒ ගැන කිසිවක් නොදන්නේය. ඒ පිළිබඳව කිසිඳු තැකීමක්ද ඔවුනට නැත. ඒ සත්‍ය ආදරයේ අසත්‍ය නොවූ මූල්‍යමය පැතිකඩයි!
අපේ කථාව එය නොවේ. මෙසේ වැඩි කල් යන්නට මත්තෙන් මේ ආදර කථාවටද අලුත් පරිච්ඡේදයක් ලියන්නට තෙලිතුඩ තබමින් සුරේකා තම හිත ගිය තැන මාළිඟාව තන්නට තම දරු දෙදෙනාද රැගෙන හඳපානේ එළිය බැලූ සේක.
සුරේකා තම දුඟි සැමියාගෙන් සමුගත්තේ තම ධනවත් පෙම්වතා සමඟ වස්සානයට අත වනන්නට සිතා විය හැකිය. ඇය ඇගේ දුක් කම් කටළු පිරි ජීවිතයට තිත තබා සැපවත් ජීවිතයකට සිහින මැවුවා. ඇය මෙතෙක් ගෙවු ජීවිතය අවසන් බව ඇය නිතරම සිතුවා. ඇගේ ධනවත් පෙම්වතා ඇයව ඒ ආසන්නයේම කුලී නිවසක නතර කලේ ඇගේ සියළු වියදම්ද ඔහු විසින් දරමිණි. නමුත් ඇයට මාස කිහිපයකට වරක් තම නිවස මාරු කිරීමට සිදු වුනේ ඇගේ ස්වාමිපුරුෂයාගෙන් සැඟවී සිටීමටයි. මේ හේතුව නිසාම දරුවන්ගේ  අධ්‍යාපන කටයුතුද අහවර විය. ඔවුන් ටිකෙන් ටික අම්මා සමඟ ගෙදර ඉන්නටම පුරුදු විය. මෙසේ සුරේකා ටික කලක් ගතවත්ම තම තනියට ඇගේ ඥාති සොහොයුරියක්ද තම නිවසේ නතර කර ගතතා.
නිමල් සුරේකාට ඇති ආදරය නිසාම ඔහුගේ කාර්යය වූයේ ඇය සෙවීමයි. ඒ ආ අවස්ථාවලදී නිමල් සුරේකා සමඟ රණ්ඩු සරුවල් ඇති කරගත් හෙයින් සුරේකා නිතර නිතර ගෙවල් මාරු කළා. සුරේකාගේ ගෙවල් කු‍ලී ගෙව්වේ සමන් වුවත් සමන් සුරේකාගේ නිවසේ රෑ ගතකළ වාර ඇත්තේ ඉතාම අල්ප දින ගණනකි. ඔහුට තම නීත්‍යානුකූල ස්වාමි පුරුෂයාට චපල බිරිඳක් වූ සුරේකාට වඩා ඔහුගේ පවුල වටිනා බැවින් ඔහු එසේ කළ බවනම් අපට පැහැඳිළි වන කරුණකි.
සුරේකා බොහෝ දිනයන්දී සමන් සමඟ රණ්ඩු කළේ වෙන කිසිවක් නිසා නොව තමන් සිටින නිවසේ ඇය සමඟ රැය ගෙවන්නට යැයි ඉල්ලාය. මෙම ඉල්ලීමම දිනෙන් දින සමන් හා සුරේකා අතරට ප්‍රශ්ණාර්ථයක් වී තිබුණි.
සුපුරුදු ලෙසම 2011 බිනර මස(සැප්) 08වන දිනද අන් සියළු දෙනාට මෙන් සුරේකාගේ නිවසටද උදා හිරු නැගෙනහිරින් පායා බටහිරට ඇදෙමින් තිබුණේ සඳ මඬලට අඹර පිස සිඹින්නට ආරාධනා කරමිනි. හිරු අහසට සමු දෙන්නද මොහොතක්ව තිබියදී සමන් සුරේකාගේ එලිපත්ත සිප ගත්තේ දින කිහිපටකට පසුයි. සුරේකා ඒ වෙලේ තම ඇහි බැම සකස් කරමින් සිටියා. සමන් මේ දෙයට නම් බොහෝ ‍අකමැති වු නිසා ඒ සම්බන්ධව බහින් බස් වීමක් ඇතිවුණා. වැඩි වෙලාවක් ගියේ නෑ. මේ ආරවුල දරුණු බහින් බස්  හුවමාරුවක් බවට පත් වුණා. මේ ‍බස ඉවසන්නට තරම් ඉවසීමක් නොමැති සමන් සුරේකාට කම්මුල් පහරක් ගැහුවා. ඉන් පසු රණ්ඩුව තවත් දුර දිග ගියේ සුරේකා රාත්‍රිය තමන් සමඟ ගත කරන්න යැයි කරන ඉල්ලීම සමන්ට වදයක් වී තිබූ බැවිණි.
සුරේකාගේ ලොකු පුතාද එවෙලෙහි එලියේ සෙල්ලම් කරමින් සිටි අතර නිවසින් එලියට ආ සමන් තම කකුලට ජරාවක් පෑගුනා යැයි කියා ළිඳ පැත්තට ගියා. සුරේකාද සමන් පසුපසින් ඇවිටිලි කරමින් ඔහු සමඟ ළිඳට ගියා. එකවරම අම්මා “ලොකු පුතා” ට අඬගැහුවා. ඒත් එක්කම වාගේ යමක් මහ හඩින් ළිඳට වැටෙන සද්දයක්ද ඇහුණා. ලොක්කා සහ සුරේකාගේ සහොදරියද ළිඳ දෙසට ගිය විට සමන් කිව්වේ මෙහෙම කථාවකි. “අන්න අරකි ළිඳට පැන්නා ” කියාය.
“ඇයි එහෙනම් බලන් ඉන්නේ? බේර ග‍න්න තිබුනනේ! ” පැවසු ඇය අහල පහල අයටද ඇහෙන්න මහ හඩින් බෙරිහන් දී අසල්වාසින් කිහිප ‍දෙනෙකුගේද සහය ඇතිව සුරේකාව ළි‍ඳෙන් ගොඩගත් අතර ඒ වන විටත් ඉතා අසාද්‍ය තත්වයේ සිටි සුරේකාව රොහල වෙත රැගෙන ගියා. ඒත් සුරේකා රෝහලේ ගේට්ටුව පසු කරන්නටත් පෙර ජීවිතය පසු කර සිටි බැවින් ඇගේ මල සිරුර රොහලට ඇතුලත් කෙරුනි.

කථාවේ හොදම කෙටසේ ආරම්භය දැනුයි.
සුරේකාගේ මරණය සැක යැයි පවසා ඇයගේ මිනිය බාරගැනිම සියල්ලන් ප්‍රතික්ෂේප කළ බැවින් ඇගේ ධනවත් ප්‍රෙමවන්තයා විසින්ම අවසානයේ මිනිය භාරගෙන අවසන් කටයුතු සිදුකළ අතර ඊට දින කිහිපයක් ගතවන්නට මත්තෙන් ඇගේ ස්වාමි පුරුෂයා අප පෙර සඳහන් කළ පැමිණිල්ල පොලිසියට ගෙනාවා. මෙතෙක් මෙය සිය දිවි නසා ගැනීමක් ලෙස සැලකූ පොලීසියට මේ ගැන නැවත සැකයක් උපන්නා. මේ සම්බන්ධව විශේෂ විමර්ෂණ කණ්ඩායමකට විමර්ෂණ කටයුතු භාර වූ අතර ඔවුන් පරීක්ෂණ ආරම්භ කළේ ඇගේ නිවසින්මය.

නිවසේ සියල්ලන්ගෙන් ලබාගත් තොරතුරු හා මරණයේ ඡායාරූපවල කළ විමර්ශණ වලින් අනතුරුව ඔවුන්ට සිරුරෙහි යම් යම් සියුම් සීරීම් තුවාල ඇති බව දුටු පොලිස් කණ්ඩායම පරීක්ෂණ ආරම්භ කළේ ගෙදර ළි‍දෙන්මය. මන්ද එයට හේතුවක් තිබුණා. මොකද ඒ ළිඳ අඩි 2 ½ක් විතර පළල බැම්මක් වූ අතර ඒ මොහොතේ ළි‍ඳේ වතුර තිබුණේද අඩි 3 ½ක් පම‍ණෙකි.  ඔවුන් මුලින්ම ළිඳ ඉසීමට තීරණය කළා. ළිඳේ වතුර ඉවත් කළ පසු ළිං අඩිය සියුම් පරීක්ෂණයකට ලක් කළ පොලිස් නිළධාරීන්ට නූල් සහිත බොත්තමක්, රුපියල් දහයේ නෝට්ටුවක් හා කෙස් රොදක් හමුවුනා.
මේ බොත්තම කලිසමක බොත්තමක් බව පැහැදිළිව පෙනුනු අතර ඒ සම්බන්ධව සැක සිතුනු සොකෝ පොලිස් නිළධාරීන් සුරේකාගේ අනියම් පෙම්වතාගේ නිවස පරික්ෂා කිරීමෙන් ඔහු අදාල දිනයෙහි ඇඳ සිටි කලිසමේද බොත්තම නැති බව දැකගත හැකි විය. ඒ අන්ව පරීක්ෂණ කටයුතු සඳහා කලිසම හා බොත්තම රස පරීක්ෂක වෙත යොමු කර ඇති අතර ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා සමන්වද අත්අඩංගුවට ගැනීමට සිදුවුණා.

(පුවත්පත් වාර්ථාවක් ඇසුරෙන්)

මව සමාන කරණුයේ ගෙදර බුදුන්ටය, මව් පදවිය එතරම් පූජනීය තත්වයකි. මව් පදවියට කැලැල් ඇති නොවන සේ ජීවිතය ගත කරන්නට සෑම මවක්ම සිතට ගත යුතුය. එවැනි මව් වරුනිගේ පහස ලබන දරුවෝ සැබැවින්ම වාසනා වන්තය. බුදු දහමට අනුව නමු ඔවුන් සැබෑ පිංවන්තය..
ඒ කථාව එසේ වෙද්දී අප මේ තුළින් දැකිය යුත්තේ සමාජයේ තවත් පහත් ගැහැණියකු නොව. මේ සමාජය තුළ මුදල් පසුපස ස්නේහය නැමැති ලොව පූජනීයම වචනය වුවත් ගැහැණිය හමුවේ බලු වී ඇති බව නම් සැක නැතිවය. මෙවන් සමාජ තත්වයක් තුළ නිර්මල පෙමකට ඉඩක් ඇත්දැයි කියාද අපට සිතෙනු ඇත. ඇත්තටම එය සාදාරණ වුවත් එය එසේම නොවන බවද අප විසින් සිහි කබා ගත යුතු කරුණකි. ආදරය මත පදනම් වූ ලෝකය මුදල් මත යැපෙන බව සැබෑ නමුත් ආදරය මුදලට විකුණන්නට පසුබට නොවන මෙවන් දුර්ලභ අවස්ථා ඇති බවද අප වටහා ගත යුතුයි. මෙම විකුණුම බොහෝ විට සිදුවන්නේ ගැහැණු පාර්ශවයෙන් බවනම් නොසැඟවාය යුතුම කරුණකි. තමන්ට පණ සේ ආදරය කරන ඔහු අතහැර සැප පහසු ජීවිකාවක් සොයන්නට තරම් ඔවුන් පසුබට නොවන්නේ මන්දැයි යන්න අප ඔවුන්ගෙන්ම ඇසිය යුතු නමුත් ඇත්තටම එම ප්‍රශ්ණයට උත්තරක් දෙන්නට තරම්වත් ඔවුන්ගේ මුවට වදන් ‍නොඑන්නේ ඇත්තටම ඔවුන් පැතූ සැප ඔවුන් නොපැතූ ලෙසින් ඔවුන්ට ලැබුණු නිසාවෙනි. එමනිසා මුදලට නොව ඔබට ආදරය කරන්නන්ට ඔබ ආදරය කරන්නේ නම් ප්‍රීත්මත් ජීවිතකට ඔබට උරුමකම් කීමට හැකි බව නම් මට සහතික බව සැබැය.

සුරේෂ් මධුශාන්