Monday, January 23, 2012

නෙළුම් කුළුණේ ඔබ නොදත් වතගොත...


නෙළුම් කුලුණ


සන්නිවේදන තාක්ෂණයේ මහත් පෙරළියක් ඇති කරමින් ජනවාරි මස 20 වන දින සුබ මොහොතින් මුල් ගල තබමින්  ඉදිකිරීම් ආරම්භ කෙරෙන දැවැන්ත විදුලි සංදේශ නෙළුම් කුලුන හුදෙක් ම සංදේශ කුලුනක් ලෙසින් ම පමණක් නො ව විනෝදාස්වාදය සපයන අති සුඛෝපබෝගී  මධ්‍යස්ථානයක් ලෙසින් ද ඉදිකෙරෙනු ඇත.
 එදා මේ ලංකාදීපය මහා ගාම්භීරත්වයකින් ඔසවා තැබීමට හැකි වූ අනුරපුර, පොළොන්නරු යුගවල බිහි වූ අති දැවැන්ත චෛත්‍ය දාගැබ්වලට නොදෙවෙනි ලෙසින් අද මේ බිහිවන නෙළුම් කුලුන රටේ ප්‍රෞඪත්වය හෙට දිනේ විදහා දක්වනු නොඅනුමානය.
ශ්‍රී ලංකාව නව ආශ්චර්යමත් ලෝකයක් කරා පියමං කරමින් පවතින මෙවන් මොහොතක මුළු කොළොම් පුරය ම අරා ගනිමින්  අහස් කුස තෙක් දිවෙන ඒ මහා දැවැන්ත නෙළුම් කුලුනේ ඉදිකිරීම  සැබවින් ම ආශ්චර්යමත් දේශයක ඇරඹුමක් ම වන්නේය.

පැරිසියේ අයිෆල් කුලුණ, කැනඩාවේ සී. එන් කුලුණ වැනි අලංකාර කුලුණක් තව ටික කලකින්ම ශ්‍රී ලංකාවේත් ඉදිවෙනවා. ලෝටස් ටවර් හෙවත් නෙළුම් කුලුණ නම් තබා ඇති එය ඉදි කෙරෙන්නේ  කොළඹ ඩී.ආර්. විජේවර්ධන මාවතේ තැපැල් දෙපාර්තමේන්තු මූලස්ථානයට යාබදව බේරේ වැව ඉස්මත්තේදීය....
මේ කුලුණ කරන්නේ කොළඹ නගරයට සංචාරක ආකර්ෂණය ඇතිකරවීම සදහාත්, සන්නිවේදන හා විනෝදාත්මක අවශ්‍යතාවයන් සඳහාත්ය....
මෙහි මුල් ගල තැබීමේ උත්සවය 2012 ජනවාරි මස 20 වැනිදා පවත්වනු  ලැබුවා. චීන රජයේ කොන්ත්‍රාත් සමාගමක් විසින් මෙය ඉදිකරන අතර සැලසුම සකස් කරන්නේ මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය වරුන් වන නිමල් ද සිල්වා, සමිත මානවඩු හා චිත්‍රා වෙඩික්කාර යන අයයි. නෙළුම් කුලුණ වසර දෙක හමාරක ව්‍යාපෘතියක් වන අතර එය 2014 මැද භාගය වනවිට සම්පූර්ණයෙන්ම වැඩ අවසන් කිරීමට නියමිතය...


 ජාතික ඌරුව විදහා දැක්වෙන ලෙසින් ඉදි කෙරෙන මෙම දැවැන්ත කුලුනු රාජයා නෙලුමක හැඩය ගන්නා බැවින් නෙළුම් කුලුනක් ම වේ.


මෙම ඉදිකිරීමත් සමඟ සංචාරකයන්ගේ ඉහළ ඉල්ලුමක් මේ සඳහා ඇතිවනු ඇති අතර එය ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය වර්ධනය කිරීමට එක්තරා අයුරකින් ඍජු දායකත්වයක් ද සපයනු ඇත. මෙම බහු සම්ප්‍රේෂණ කුලුන කොළඹ ඩී.ආර්.විජේවර්ධන මාවතේ පිහිටි හෙක්ටයාර් 3.06ක භූමි භාගයක බේරේ වැව අසල ඉදිකෙරෙනු ඇත.

මීටර් 350ක් උසැති බහු සම්ප්‍රේෂණ කුලුනක් ලෙසින් ඉදිකෙරෙන මෙම  නෙළුම් කුලුන දකුණු ආසියාවේ උස ම කුලුන වශයෙන් ඉදිවන අතර, එය මුළු මහත් රටේ ම පමණක් නො ව විශේෂයෙන් ම කොළඹ නගරයේ ආකර්ෂණීයත්වයේ සංකේතයක් ම වනු ඇත.  



ලෝකයේ උස ම කුලුනු පහ ලෙස පිළිවෙලින් ෂැංහයි කුලුන, බීජිං කුලුන, බර්ලින් කුලුන, ටෂ්කෙන්ට් කුලුන හා අයිෆල් කුලුන සැලකේ. ප්‍රංශයේ පිහිටි අයිෆල් කුලුන මීටර් 324ක් උසින් යුක්ත වන අතර ලංකාවේ ඉදිකෙරෙන මෙම කුලුන අයිෆල් කුලුනට වඩා මීටර් 26ක් උසය. එබැවින් මෙම කුලුන ලෝකයේ උස ම කුලුනු අතරින් 5 වන ස්ථානය හිමි කර ගන්නා බව මෙම කුලුනට ජීවය ලබාදීමට කැපවී සිටින ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.



නෙළුම් කුලුණට මුල් ගල තැබූ අවස්ථාව ඡායාරූප ගතවී තිබුණු අයුරු 



මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ මූල්‍යය දායකත්වයෙන් ක්‍රියාත්මක කර ඇති අතර, තාක්ෂණික සහය මොරටුව විශ්වවිද්‍යාලයේ වාස්තු විද්‍යා පීඨයෙන් ලබා ගෙන ඇත. ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තු ගත පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 104.3කි. මෙම මුදල චීනයෙන් ණයක් ලෙස ලංකාවට හිමි වන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.


දැවැන්ත ව්‍යාපෘතියක් ලෙසින් ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිය අවුරුදු 2 ½ක් එනම් මාස 30ක් වැනි කෙටි කාලයක් ඇතුළත ඉදිකිරීම් අවසන් කිරීමට කටයුතු යොදා ඇති අතර මෙහි ඉදිකිරීම් කටයුතු ජනවාරි මස 20වන දින ආරම්භ කර මහල් ඉදිකිරීම මාස හයක් ඇතුළත ආරම්භ කිරීමට පියවර ගෙන ඇත. පැය 24පුරාවට ම කරන ඉදිකිරීමක් වන බැවින් මෙහි වැඩකටයුතු මාස 30ක් ඇතුළත අවසන් කිරීමට හැකිවනු ඇති බවට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විශ්වාසය පළ කරයි.

දැනට ලොකයේ උසම කුලුණ ජපානයේ ටෝකියෝ නුවර ස්කයි ට්‍රී වන අතර එය මීටර 634ක් උසය.. මීටර 350ක් උස නෙලුම් කුළුණ ඉදි කිරීමෙන් පසු එය දකුණු ආසියාවේ උසම කුළුණ වන අතර ලෝකයේ උසම කුළුණු අතරින් 19 වන තැවට පත්වනවා. දකුණු ආසියාවේ දැනට උසම කුළුණ ඉන්දියාවේ රාමේස්වරම් ටී වී ටවර්ය.එය උසින් මීටර 323කි. අපේ ඉදිවන කුළුණ මීටර 350කි...!!!
'

මෙම කුලුන මුදුනට ලංකාව විතරක් නෙමෙයි බොහෝ දුරට ඉන්දියාවත් දක්නට හැකිවන බවයි විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසන්නේ. මෙහි මුදුනත සිට කිලෝමීටර් 100ක් 150ක් පමණ දුරක් බොහෝ දුරට දැකිය හැකි වනු ඇත. මෙහි ඇති නැරඹුම් මැදිරියට කැරකෙන භෝජනාගාරයක් ඇතුළත් වන අතර එමෙන් ම අමුත්තන් දහසකට පමණ එක්විය හැකි උත්සව ශාලාවකින් ද මේ සුපිරි පහසුකම්වලින් යුතු කුලුන සමන්විත වේ. එමෙන් ම අනෙක් මහල් දෙක තරු පහේ සිට තරු හත දක්වා හෝටල් කාමර 24ක් ඇතුළත් අති සුඛෝපභෝගී හෝටල් සඳහා වෙන් වේ. මීළඟ තට්ටු දෙක තුළ අවම වශයෙන් රූපවාහිනී සේවා සපයන්නන් 50කට, විදුලි සංදේශ සේවා සපයන්නන් 20කට සහ ගුවන් විදුලි සේවා සපයන්නන් 50කට පමණ පහසුකම් සැපයීමට වෙන් කෙරේ.  මෙය ආරක්ෂක සංඥා සැපයීම මෙන් ම ඊට අමතර ව කොළඹ නගරයේ විවිධ ගොඩනැගිලිවල ස්ථාපිත අධි බලැති ගුවන් විදුලි සහ එෆ්.එම්. ඇන්ටෙනා අවම කිරීම සහ ඉවත් කිරීමේලා ද වක්‍රව දායකත්වය සපයනු ඇත.



 මෙම විශාල කුලුනු රාජයා නිර්මාණය කිරීම අති දැවැන්ත කාර්යයක් වන අතර ඒ සඳහා චීන රජයට අයත් සමාගම් දෙකක් සිය ඉදිකිරීම් දායකත්වය ලබා දේ. ඉදිකිරීම් සම්බන්ධීකරණය ඇතුළු නෙළුම් කුලුනේ සියලු ම අයිතීන් පැවරෙනුයේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවටයි. මෙහි ඉදිකිරීම් පිළිබඳ ව නිරන්තර ව ම විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සභාපති ලලිත් වීරතුංග මහතා මෙන් ම එහි අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතාගේ අවධානය යොමු කර  තිබීම දැකිය හැකි විශේෂත්වයකි.

පැය එකහමාරක් තුළ එය එක් වටයක් කැරකෙන්නට නිර්මාණය කරනු ඇත. මෙහි තනන්නට යන උත්සව ශාලාව මංගල උත්සව හා ප්‍රිය සම්භාෂණ සඳහා විවෘත කිරීමට නියමිතය. මුළු කොළඹම කවුළු තුළින් නරඹන්නට හැකි මෙම ශාලාව එකවර 1000කට අසුන් පැනවීමට හැක් ලෙස නිර්මාණය කරනු ඇත


 මෙම කුලුනට වර්ග අඩි තුන් ලක්ෂයකට ආසන්න ඉඩ ප්‍රමාණයක් ඇතුළත් වේ. කුලුන පොළොව මට්ටමේ සිට තට්ටු හතරකින් ආරම්භ වේ. මෙහි ඇතුළත අධිවේගී විදුලි සෝපාන හයක් ක්‍රියාත්මක වේ. කුලුනට අධිවේගී විදුලි සෝපාන එක් කිරීම නිසා තට්ටු 8590ක දුර ප්‍රමාණය යෑමට මිනිත්තු දෙකක් පමණ කෙටි කාලයක් ගතවනු ඇත. බිම් මහල් 4න් පසු කුලුන සිලින්ඩරාකාර හැඩයක් ගන්නා අතර එය මීටර් 270ක් එනම් මහල් 85ක හෝ 90ක උසක් ගනු ඇත. නෙලුම් මලක හැඩය ගන්නා කුලුනු ශීර්ෂයට මහල් නවයක් ඇතුළත් වන අතර මෙම මහල් නවයට ම නැරඹුම් මැදිරියක් ද ඇතුළත් වෙයි.

 කුලුනේ පාදක කොටස විදුලි සංදේශ පිළිබඳ ව කෞතුකාගාරයක්, භෝජනාගාරයක්, පරිපාලන කාර්යාල, ප්‍රදර්ශන ශාලා වැනි පහසුකම් සපයන ආයතනවලින් සමන් විත වේ. මීට අමතර ව මෙම කුලුනට ඇතුළත් කරනු ලබන අනෙකුත් අංග පිළිබඳ  අවසන් තීරණය මේ සම්බන්ධයෙන් පත් කෙරෙන විශේෂ කමිටුවේ නිර්දේශ මත සිදුකෙරෙන බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි





 ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්ය කරා යන ගමනේ දී තොරතුරු තාක්ෂණයෙන් හා සන්නිවේදන තාක්ෂණයෙන් වඩාත් ඉහළට රට ගමන් කර වීම අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ එක් අරමුණක් බව මේ පිළිබඳ ව අදහස් දක්වන විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා පැවසීය. එම අරමුණ ඉටු කර ගැනීම සඳහා මෙම ඉදිකිරීමට යෝජිත නව බහු සම්ප්‍රේෂණ කුලුන ද විශේෂයෙන් ම හේතු වන බව එහි දී ඔහු විසින් තවදුරටත් පෙන්වා දුන්නේය.
 
අති දැවැන්ත සන්නිවේදන පෙරළියක් සහිත ආශ්චර්යමත් ශ්‍රී ලංකාවක් බවට මේ රට පත් කිරීමේ  ඉදිරි දැක්ම හීනයක් නො ව යථාර්ථයක් ම බව පතළ කරමින්  මෙම අති දැවැන්ත නෙළුම් කුලුනු රාජයා නිර්මාණය කිරීමේ කාර්යයට අද එළැඹ ඇත.





 
 
මෙවන් කුළුණකට හිමිකම් කීමට අපේ පරම්පරාවට හැකි බව අපට කෙදිනෙකවත් නොසිතෙන්නට ඇත. නමුත් සත්‍යය එය බවට සිහින නැතුවාට සැක නැත. ඉතින් අප කළ යුත්තේ මෙවන් ප්‍රෘඩ ක්‍රියාවන් විවේඡනය කිරීමද? නොහොත් මේ ගැන ආඩම්බර වීමද?....

මා දකින විදියට ඇත්තටම ඔබ කලයුත්තේ මේ රටට ඔබත් තවත් නෙළුම් කුලුණක් සෑදීමයි... දැන් ඔබ කල්පනා කරනවා ඇත්තේ ඔබ කෙසේ එය කරම්ද යන්න විය යුතුයි... මා ඔබට කීවේ තවත් නෙළුම් කුලුණක් සාදන්න කියාය...
ඇත්තටම ඔබට හා මට මේ රට ජාතිය වෙනුවෙනු නෙළුම් කුලුණු සාදාන්නට හැකිය. කෙසේද යත්, ඔබටත් මටත් සියළු මනුෂ්‍ය සත්වයා වෙනුවෙන් නෙළුම් කුලුණක් විය හැකිය.. මේ ජීවිතය අවසන් කොට අප මේ පොළව හැරදමා දිනෙක යනු ඇත. එදිනට ඔබට තුන් ාකාරයකින් මේ පොළවින් සමුගත හැකිය. එනම්
  • ·         සත් පුරුෂයෙකු ලෙසින්
  • ·         අසත් පුරුෂයෙකු ලෙසින්
  • ·         තමන්ගේ පාඩුවේ කාටත් කරදරයක් නැතුව ඔහේ සිටි අයෙකු ලෙසින්

සත් පුරුෂයෙකු යනු සමාජයට ඔබ නෙළුම් කුලුණකි. බොහෝ අය ඔබගේ ගුණ කියයි. ඔබව වර්ණනා කරයි. ඔබගෙන් ඔවුනට බොහෝ ප්‍රයොජන මෙන්ම ආදර්ශයන්ද ඇත. ඔවුන් ඔබව ආදර්ශයට ගෙන ඔබගේ ගති ගුණයන් අගේ කරයි...

අසත් පුරුෂයා යනු සමාජය විසින් අප්‍රිය කරන ලද්දන්ය. ( දැනට මත් ඔබ, ඔබ අසල සිටින ඔබ සමග ජීවත් වන අසත්පුරුෂයන් සිහිකරනවා ඇත. ඔබ නොදන්න දෙයක් කියන්නම්!!! ඇත්තම තත්වය අසත්පුරුෂයා ඔහු නොව, ඔබ බව තවම ඔබට වැටහී නැතුවාට සැක නැත... * ඔබගේ සහෝදරයාගේ ඇසෙහි ඇති රොඩ්ඩ ඉවත් කිරීමට ප්‍රථමයෙන් ඔබ ඔබේ ඇසෙහි ඇති පොල් පරාලය ඉවත් කරගන්න... එවිට ඔබට ඔබේ ඇස් හොදින් පෙනෙනවා ඇත.. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ! ශු. බයිබලය.) එවන් ශ්‍රේෂ්ඨයන්  මෙවන් වචන පවසා ඇත්තේ ඔවුන්ගේ කට කහනවාට නොව, මනුෂ්‍යාගේ යහපත උදෙසාය..

තුන් වැන්න නමි ඔහේ ජීවත් වී මිය යාමයි... ඔබ දන්නෙහිද? ඔබ බොහොවිට මෙවන් පු‍ද්ගලයන් හට සමාන අය වගා බිම් ආශ්‍රිතව දැක ඇත. එනම් පඹයන්ය... ඔවුන්ද ඔහේ සිටී. ගොවියා ඔහුව කුඹුර මැද සිටුවා ටික කලක් ගතවන විට කුරුල්ලන් පවා ඔහුගේ හිස මත අසූචි හෙලා දමයි. ඒත් ඔහු ඔහේ සිටියි. කාටවත් ඔහුගෙන් කරදරයක් නැත.

ඔබත් දැන් මොහොතක් සිතන්න ඔබට මේ චරිත තුනෙන් ඔබ වඩා  කැමති සමාජය ඔබ‍ට කුමන චරිතය පිරිනමනවාද කියා....

නිසැකයෙනිම ඒ සත් පුරුෂයා නැමැති නෙළුම් කුලුණ බවට සැක නැත. එසේනම් දැන්ම ඔබ විසින් සාරධර්ම නැමැති පෑනෙන් හදවත නැමැති සටහන් පොතේ ඇඳ, මනස නැමැති කොන්ත්‍රාත් කරුවන් හට ජීවිතය නැමැති ඉඩමේ දුරගුණ නැමැති කටු පඳුරු උගුලා පාපිෂ්ඨ සිතුවිලි නැමැති කසළ ඉවති කොට සත්පුරුෂයා නැමැති නෙළුම් කුලුණ ඉදිකිරීමට භාර දී සුභ සිතුවිලි වලින් අදම එහි මුල් ගල තබා වැඩ අරභන්න.....

සුරේෂ් මධුශාන්

Sunday, January 22, 2012

ඔබට හොරා ඔබේ නිරුවත විඳින කාමුඛයෝ (කාන්තාවන් විශේෂයෙන් කියවන්න)

ආදරණීය අම්මේ, අක්කේ, නංගියේ. ඔබටත් නොදැනීම ඔබගේ නිරුවත රස විඳින, එමගින් ඔබ නොදැනී ඔබව අපයෝජනය කරන හා යම් අවස්ථා වලදී ඔබගේ නිරුවත වීඩියෝ ගත කර රස විඳින විකෘති කාමුකයන්ගෙන් ප්‍රවේශම් වන්න.
 
උතුම් සංස්කෘතියකින් පෝෂණය ලැබූ අපේ සංස්කෘතියට අනුව කාන්තාව අපට වස්තුවකි.  ගෙදර බුදුන් අම්මා යැයි පැරණි සිංහල පඬිවරුන් කියා ඇත්තේ ඔවුන්ගේ කට කහනවාට නොවේ. සොහොයුරිය අපේ ගෙදර මිණි පහනයි. නමුත් එළි පිටම සහ හොර රහසේම ඒ උත්තරීතර ස්ත්‍රිත්වය කෙළෙසන නිර්ලජ්ජිත මානසික විකෘතිකයන් අප සමාජයේ නැතුවාම නොවෙයි.
 sorry.com වෙබ් අඩවියේ පාඨකයන් විසින්  ඔවුන්ගේ නිල විද්‍යුත් තැපැල වෙත ලබා දී ඇති තොරතුරු අනුව, නිමි ඇදුම්සැල් වල රෙදි ඇද බලන Fit On Rooms (Changing Room)(රෙදි ඇඳ බලන කාමර) තුල රහසිගතව අටවන ලද Pinhole Micro camera උපාංග යොදාගනිමින් ඔබගේ රුව වීඩියෝගත කරන බව ඔබ දන්නවාද? "අන්‍ය ජාතිකයන් විසින් පවත්වාගෙන යන සුප්‍රකට නිමිඇදුම්සැල් කිහිපයක් තුළ මේ පහත්, නිර්ලැජ්ජිත ක්‍රියාව සිදු වී ඇති බව මුල් වරට හෙළි වී ඇති අතර ඒ සම්බන්ධව තොරතුරු දන්වමින් sorrydotcom_sl@yahoo.com  විද්‍යුත් ලිපිනය වෙතද පාඨකයන්ගෙන් තොරතුරු ලැබෙමින් පවතී. කැමරා වලට අමතරව මේ කුටි තුළ රදවා ඇති 2-Way Mirrors වර්ගයේ කණ්නාඩිද අතිශයින්ම භයානකයි. 2-Way Mirrors වර්ගයේ කණ්නාඩියක් ඉදිරිපිට සිටින ඔබ කණ්නාඩිය පිටුපස සිටින්නකුට දැකගත හැකි අතර ඔබට ඔවුන්ව නොපෙනේ. මෙවැනි කණ්නාඩියක් ඉදිරිපිට සිට ඇදුම් ඇදීමේ සිදුවෙන දෙය සිතාගත හැකිය නේද? ඒ පිටුපස සිටින ඔනෑම කෙනෙකුට ඔබගේ නිරුවත හොදින් බලා සිත් සේ තම නාම ආශාවන් සංසිඳුවා ගැනීමට පමණක් නොව, එය වීඩියෝ ගත කොට ගැනීමට මෙන්ම, එය අන්තර්ජාලයට පවා මුදාහැර ඔබව නොකෙලසා කෙලසා දැමීමේ හැකියාව ඇත...
වාර්ථාවන තවත් විශේෂ දෙයක් නම් මේ සිදුවීම් බොහෝ දුරට සිදුවී ඇත්තේ අන්‍ය ජාතිකයන් විසින් පවත්වාගෙන යන ව්‍යාපාර ආයතන තුළයැයි වාර්ථා වී ඇත. (සිංහල ඇදුම්සැල් තුළ මේ පහත් ක්‍රියාව සිදු නොවනවා යැයි ‍නොකියමු). "බහු ස්ත්‍රී සේවනය"ට ඉඩ ලැබෙන සංස්කෘතිය තුළ මෙවැනි අසම්මත ක්‍රියාවන් සිදු වීම අරුමයක් නොවුනද, ස්ත්‍රීත්වය උතුම්කොට සලකන සිංහල සංස්කෘතිය තුළ මෙවැනි තුඡ්ච ක්‍රියාවන් සිදු වීමට කිසිසේත්ම ඉඩදිය නොහැකිය. ඇරත් ඔබේ ආදරණීය මව, සොයුරිය, දියණිය. විකෘති කාමාතුරයන් ඉදිරියේ නිරුවත් කරනවාට ඔබ කැමතිද? මෙය සිංහලයන් වන අප පමණක් නොව මානසික රොගාතුරයන් නොවන සියළු ලොක වාසීන් විසින් අසම්මක යැයි සළකණු ලබන නින්දිත ක්‍රියාවකි..


අප විසින් මෙම උපකරණ හා ඒවා සවිකර ඇති ස්ථාන හදුනාගන්නේ කෙසේද යත් මේ වනවිට ඔබට බොහෝ ගැටළු සහගත කරුණක් වී ඇතුවාට සැක නැත. ඔබ දන්නෙහිද? ඔබටම මෙම ස්ථාන හඳුනාගත හැකි බව!!! මෙවන් ස්ථානයක් යැයි ඔබට සැක සහිත යම් ස්ථානයක් හමුවුවහොත් ඒ පිළිබඳව වහා ළඟම ඇති පොලිස් ස්ථානයට දැනුම් දෙන්න. හැකිනම් මාධ්‍ය ආයතනකට මේ සම්බන්ධව දැනුම් දීම තුළින් අප සමාජයෙන් මෙවන් අශිෂ්ඨ ක්‍රියා අවම කර ගත හැකිය... ඔබගේත් ඔබේම සොහොයුරියගේත් මවගේත් ආත්ම ගරුත්වය කෙලසන මෙම කාමමිථ්‍යාචාරික පරම්පරාවේ මෙම වෙළඳසැල් නමින් පවත්වාගෙන යන ගණිකාවක් නොවූ හෙල කත ගණිකාවක් කරවන ව්‍යාපාරයන් සදහටම මේ නිර්මළ දේශයෙන් පිටුවහල් කළ හැකිය....
◘◘◘◘ එසේනම් තව දුරටත් මෙවැනි ව්‍යාපාර සමග ගණුදෙනු කරනවාදැයි ඔබම තීරණය කළ යුතුය ◘◘◘◘
************************************************************
Pinhole Micro camera සහ 2-Way Mirrors හදුනා ගන්නේ කොහොමද?
***********************************************************
  •  වාර්ථා වී ඇති කරුණුවලට අනුව, Fit on Rooms එකෙන් පිටදී දුරකථන ඇමතුමක් ගත හැකි නමුත් Fit on Rooms තුළදී ජංගම දුරකථන සංඥාවලට බාධා ඇති වනවා නම් ඒ තුළ Pinhole Micro camera සගවා ඇතිබව දැනගත හැකිය.
  • සාමාන්‍ය කණ්නාඩියක් මත ඇගිල්ල තැබීමේදී ඇතිවන ප්‍රතිබිම්භය මත පරතරයක් ඇති වන අතර 2-Way Mirrors කණ්නාඩියක ප්‍රතිබිම්භය මත හිඩැසක් දැකගත නොහැක. 
  •  සොයුරියනි ප්‍රවේශම් වන්න, මෙවැනි නින්දිත ක්‍රියාවක් දුටු තැනදී ඊට එරෙහිවන්න. මේ කාම විකෘතිකයන්ට එරෙහිව ඔබේ පය රැදි සෙරෙප්පුව එසවීමට පසුබට නොවන්න
  • ඔබේ ආදරණීය අම්මාගේ, සොයුරියගේ, දියණියගේ, මිතුරියගේ, පෙම්වතියගේ ආත්මගෞරවය ආරක්ෂාකිරීම වෙනුවෙන් හැකි තරම් ඔවුන්ව දැනුවත් කරන්න.
 මතක තබා ගන්න. අපට ජාතිවාදී ලේබලය අලවමින් තම නිර්ලැජිත ක්‍රියාව සගවාගැනීමට ඇතමුන් උත්සහා කරනු ඇත. නමුත් සැබෑ යථාර්තය සමාජය හමුවේ අපි හෙළි කළ යුතුව ඇත.
අප කථාකරන්නේ තවත් ජාතියකට විරුද්ධව නොවන බව තරයේ පැවසීමට යුතුව ඇත. මන්ද ශ්‍රී ලාංකීය ඉතිහාස පොතෙහිද ප්‍රෘඩ අන්‍ය ජාතික වීර වරුන්ගේ නම් රන් අකුරින් ලියවි ඇති බව අපට ඔවුන් විසින් ආවරිජනය කළ යුතුව ඇත.
මෙම බ්ලොග් අඩවියේ අරමුණ වන්නේ තවත් සමාජ කොට්ඨාශයකට මඩ පහරක් එල්ල කිරීම නොව, අප සමාජය තුළ කිසිදු වරදක් නැති අහිංසක මිනිසුන්ගේ මඩ සෝදාලීමයි.. ආගමක් පහත් කොට පාගා දැමීම නොව ආගම ධර්මයට  ගරුත්වයක් ලබා දීමය.  තවත් සමාජ කොඨඨාශයක් පහත් කර හුවා දැක්වීම නොව, අසරණ වූ දුර්වලයින් නඟා සිටුවීමයි. තවත් ව්‍යාපාරයකට පහරක් එල්ල කිරීම නොව, එම ව්‍යාපාරය තුළ අසරණ වූ අහිංසක ජනතාව මුදා ගැනීමයි. ලොව උතුම්ම වචනය ලෙස සැළකෙන ආදරය යන නමින් ඉදිකළ සුන්දර කුරුළු කූඩු කඩා දුමීම නොව, ආදරය යන මායාවට රැවටී ජීවිතයෙන් වන්දි ගෙවන්නට තරම් වරද කාරී වු නිවරද කාරියන් හට ජීවිතයේ සැබෑ අරුත් බර මාවතේ අරුණෝදය කරා ළඟා වන්නට පුංචි අඩි පාරක් තනා දීමයි... හුදෙක්ම ගතහොත් අයහපත් සමාජය වෙත යහපතේ මාවත වෙත පිවිසීමට අයහපතේ කැලැව හෙළි කොට පාපිෂ්ඨකමේ කටු පඳුරු බිඳ උගුලා දමා ශ්‍රේෂ්ඨ අභිමානවත් පුරවැසියන් වෙසෙන සාරදරමයෙන් පෝෂිත ශ්‍රී ලංකාවක් මේ පරපුරෙන් බිහි කොට මතු පරපුරට දායාද කිරීමේ පුළුල් මාවතේ පිවිසුම් දොරටුව ඉදිකිරීමයි...

මෙම බ්ලොග් අඩවිය තුළින් යම් පුද්ගලයෙකු හෝ යම් ව්‍යාපාරයක් අපහසුතාවයට පත්වූයේනමු මාගේ හෘදයාංගම සංවේගය හා සමාව අයැද සිටිමි....
සුරේෂ් මධුශාන්
 

Saturday, January 21, 2012

මගේ නංගිට මොකද වුනේ..? දේශපාලන හෙංචෙක් පැහැරගත් දැරියකගේ කතාව---



මේ කෙටි කතාවක් වත් තවත් එක් සුන්දර අත්දැකීමක්වත් නොවේ. මේ රටේ අවනීතිය රජ කරන බවට හොඳම උදාහරණයක්. අවනීතිය රජ වූ රටක පොලීසිය බලූ වෙනවා විනා වෙන කුමක් සිදුවේද?





 නිරෝෂා මධුමාලි,  ඇයගේ කථාව මට හමු වුනේ ඇය සිය නැගණිය සොයා දෙන ලෙස තැන තැන ඇවිදිමින් පිහිට පතන සිය මව සම`ග පැමිණ සිට අවස්ථාවක ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ මාධ්‍ය වාර්ථා කරුවෙකුට හමුවී ඔහුට පැවසූ දුක් ගැනවිල්ල ඇසුරෙන් ඔහු සැකසූ වාර්ථාවකිනි.(ලංකා ඊ නිව්ස් -2012.ජන.19, ප.ව.5.00) 
නිරෝෂාගේ නංගි ඒ කියන්නේ දෙහිඕවිට ජාතික පාසලේ 9 වසර ඉගෙනුම ලබන නදීශානී මධුෂාණි ගේ අක්කා. නදීශානී පසුගිය 2011 වසරේ නොවැම්බර් 5 වන දින අතිරේක පන්තියකට සහභාගී වීම සඳහා යමින් සිටියදී ප්‍රදේශයේ ප්‍රාදෙශිය දේශපාලඥයෙකුගේ හයිය ගත් කෙනෙකු ඇය පැහැරගෙන ගියා.
ඔවුන් ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ මාධ්‍ය වාර්ථා කරුට පවසා ඇත.

තවද, ඔවුන් පවසන අන්දමට
"අපි අවස්ථා ගණනාවක් පොලීසියට ගියා. ගිහින් කිව්වා මගේ දරුවාව හොයලා දෙන්න කියලා. ඒත් වැඩක් වුණේ නෑ. පොලිසිය අපිට උදව් කළේ නෑ." නදීශානිගේ මව කියා සිටියාය

මේ පිළිබදව අවිස්සාවේල්ල පොලිසියට සීඅයිබී 125/95 යටතේ පැමිණිල්ලක් කර ඇති නමුදු ඒ පිළිබඳව පොලිසිය කටයුතු කිරීමට මැලිකමක් දක්වන බව අතුරුදහන්ව ඇති දියණියගේ පියා වන එච්. රූපසිංහ මහතා සඳහන් කර ඇත.

නදීශානී පැහැරගෙන ගියේ කවුරුන්ද? 'ජනක' ඔහු දෙහිඕවිට ප්‍රාදේශීය සභාවේ පසුගියදා පැවති මැතිවරණයට තර`ග කළ සභාපතිවරයාට උදව් කළ, කාලයක් සිට ගංජා වෙළඳාමේ යෙදුණු කෙනෙකු බව වාර්තා වී ඇත.

පැහැරගත් නදීශානිගේ වැඩිමහල් සහෝදරිය.
දවසක් අපිට ආරංචි වුණා නංගි පනාවල කියන ප්‍රදේශයේ ගෙදරක ඉන්නවා කියලා. අපි ඊට පස්සේ පොලිසිය එක්ක එතනට ගියා. පස්සේ පොලිසිය අපිට ඉන්න කියලා ගෙදරකට බලන්න ගියා. ඇවිත් කිව්වා එතන කවුරුත් නෑ කියලා. මගේ නංගි ඉපදුනේ 1997 ජුලි 5 වැනිදා එයාට තවම වයස අවුරුදු 14 යි. මගේ නංගිට මොනවද වුණේ කියලා අපි කවුරුත් දන්නේ නෑ."

"මම තව දවසක් හොඳට ජනක එක්ක කතා කලා. මම කිව්වා මට නංගි බලන්න ඕන කියලා. පස්සේ එයා අසවල් තැනට එන්න කියලා කිව්වා. අපි පොලිසිය එක්ක ගියා. ඒත් ආවේ නෑ. ෆෝන් එක වැඩ කළෙත් නෑ. ඒ කියන්නේ අපි පොලිසියට කියන දේවල් මේ මිනිහා දැන ගන්නවා කියන එකද?" ඇය මාධ්‍ය වාර්ථා කරුගෙන් අසා සිටියා.

පැහැරගත් නදීශානිගේ මව,
"දැන් මගේ මහත්තයාගේ දුරකථනයට තර්ජනය කරනවා. ඒ ගැනත් අපි පොලිසියට කිව්වා. අනේ මගේ දරුවාව. මට කවදා දකින්න වෙයිද?"

මේ සිදුවීම් සිද්ධ වෙන්නේ භීෂණ සමයක නම් හිත හදාගන්න තිබුනා. නමුත් මේ සියල්ල සිදු වන්නේ දරුවන්ගේ හෙට දවස සුරක්ෂිත කරන බව දිනපතා ඇසෙන ආසියාවේ ආශ්චර්යමත් රට වීමට පෙරුම් පුරන අපේ අභිමානවත් ශ්‍රී ලංකාවේම තවත් කොනකින් ඉව ඇසීමම අපේ ඇසට ඇගිල්ලෙන් අනින කාරණාවකි.
තවද දෙමාපියන් පවසන ආකාරයට ‍‍‍‍*ඒ කෙල්ල ඉන්නවා ඇත්තේ කැමැත්තෙන් වෙන්න ඇති* ඔවුන් කල විමසීමකදී පොලිස් නිලධාරියෙකු දුන් පිළිතුරකි. ඒ ඔහු නීතිය ඉගෙනගෙන තිඛෙන ආකාරයට වෙන්නට ඇති. වයස අවුරුදු 18 ට අඩු බාලවයස් කාරියන් ලෙස හඳුනා ගන්නා අතර එවැනි කෙනෙකු කැමැත්තෙන් හෝ රඳවා තබා ගැනීම බරපතල වරදකි.

මේ අම්මා සහ අක්කා තමන්ගේ දුක කියන්නට කොළඹ ආවිත් තියෙනවා. පොලිස්පතිටද වරක් දුක කියා තිබේ. පරීක්ෂණ කරනවානේ පොඩ්ඩක් ඉන්න. පොලිස්පතිගේ පිළිතුර එයයි. ඉන්පසු ඇය එක්සත් ලක්වනිතා පෙරමුණේ සභාපතිනි පළාත් සභා මන්ත්‍රීනී ශාන්තිනී කෝන්ගහගේ හමු වී තමන්ගේ දුක කියා තිබේ. පසුව ඇය පොලිස්පති හමු වීමට 2012 01 05 දින ලිපියක් යවමින් ඉල්ලීමක් කළේය. අදටත් එයට පිළිතුරු නැත . පසුව පසුගිය 18 වැනිදා කාන්තා දුෂණ පිටුදැකීම වෙනුවෙන් පැවැත්වූ උද්ඝෝෂනයට මේ අම්මා සහ අක්කා පැමිණි අතර ඒ අවස්ථාවේදී ළමා හා කාන්තා අභිවෘද්ධි අමාත්‍ය තිස්ස කරලියද්ද හමු වීමට අවස්ථාව හිමි වුණා. එහි තමන්ට සිදු වී ඇති අසාධාරණය පිළිබඳව අමාත්‍යවරයා දැනුවත් කල අතර සති දෙකක් ඇතුලත විසඳුමක් ලබා දීමට අමාත්‍යවරයා පොරොන්දු වුණා. එම පොරොන්දුව සති දෙකක සැනසුම් සුසුමක් පමණක් වේද?

සටහන සහ සේයාරූ
ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ මාධ්‍ය වාර්ථාකරු චතුරංග ද අල්විස්ගේ වාර්ථ‍වක් ඇසුරෙනි...

අපි ප්‍රෘඩ ඉතිහාසක් හිමි සිංහයන් වන් රජවරුන්ගේ රාජ්‍යයන් යටාත් ගොඩනැගුණු ශී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පුර වැසියන් නොවෙමුද?
ඉතින් මෙවන් රටක මෙවන් අසමත්ජාති මිනිසුන් සිටිනවා යැයි ඇසීම පවා අපගේ ලෙය ගැන අපටම ලැජ්ජා හිතෙන කාරණයකි..
අපටද මේ සමාජය තුළ බොහෝ සම්බන්ධකම් තිබෙන්නට පුලුවන. අප එම බලය හා සම්බන්ධකම් අපේ යහපතට පමණක් නොව සියළු මනුෂ්‍ය සන්හතියෙම සුභ සිද්ධිය උදෙසා පරිහරණය කළ යුතුව ඇත. දුබලයන් අපට හමුවණ අවස්තා වලදී අප ඔවුන් හෑල්ලු කොට සලකා, ඔවුන් පාගා දමනවාට වඩා ඔවුන්ව දිරිමත් කොට ඔවුන් නඟා සිටුවන්නට ඔවුන් හට මනුෂ්‍යත්වයේ දෑත දිගුකල හැකිනම් දිනෙක ඔබ තවත් බලවතෙකු, එසේත් නැතිනම් බලය හිමි පාපිෂ්ඨයෙකු ලෙස ඔබ විසින් සමාජයේ හන්වඩු ගැසීමට ප්‍රථමයෙන් සමාජය විසින් ඔබව මනුෂ්‍යත්වය තුළ ශ්‍රේෂඨයෙකු ලෙස ඔසවා ඔබේ නම මනුෂ්‍යත්වය නැමැති ශ්‍රේෂ්ඨ භාෂාවෙන් ඉතිහාසය නැමැති පොතට ඔබටත් හොරා රන් අකුරින් එකතු කරනවා ඇත....

ඉතින් ඔබ කැමති තවත් කෘර බලවන්ත නරයෙකු වීමටද? නොහොත් මනුෂ්‍යත්යේ නමින් මේ පොලවට ඉපදුනු ශ්‍රේෂඨ වීමටද?

මෙම බ්ලොග් අඩවියේ (මඩ පාරේ) අරමුණ වන්නේද යහපත් සමාජයකින් පිරි යහපත් සමාජයකට පුංචි අඩි පාරක් තනා, එය නවීකරණය වන සමාජය තුළ නව මාවතක් කොට සියලු ශ්‍රී ලාංකිකයන් තුළින් සියළු ලොක වාසීන් හට තවත් බණක් නොව, ආදර්ශමත් සමාජයක් තුළින් නවීකරණය තුළින් ගෝලීයකරණය වන සමාජයට මනුෂ්‍යත්වයේ පුළුල් මාවතක් ඉදිකිරීමයි.....

සුරේෂ් මධුශාන්