දෙදරු පියෙකුගේ දරු පෙම....
බසයේ ගිය සිසුවියකට අසැබි දසුන් පෙන්වූ හිටපු පොලිස් කොස්කාපල් වරයෙක් පසුගිය දවසක පොලිසියටම කොටුවූ කථාවක් අපිට මේ ළඟදි ආරංචි වුණා....
ජනවාරි 19දා උදේ 10.30ට පමණ...
කොළඹ සිට මහනුවර බලා ධාවනය වූ නිට්ටඹුව ශ්‍රී ලංගම ඩිපොවට අයත් බස් රථයක් තුළදී මෙම සිද්ධිය අපට වාර්ථා වුණා.
සරසවි සිසුවියක් මෙම බස් රථයේ පසුපස ආසනයේ ගමන් කරමින් සිටි අතර ඊට ඉදිරිපස අසුනේ මෙම සිද්ධියට අදාල පොලිස් කොස්ථාපල් වරයා අසුන‍්ගෙන සිටියා.
ඉදිරිපස අසුනේ සිටි මොහු තම ජංගම දුරකථනය ක්‍රියාත්මක කොට එහි තිබූ අසභ්‍ය දර්ශන ඇතුලත් වීඩියෝ දිගින් දිගටම සිසුවියට පෙනෙන ආකාරයෙන් දූරකථනය ක්‍රියාත්මක කරමින් සිටි අතර එය ඉතා පිළිකුල් අන්දමේ නිරුවත් දර්ශන සහිත එය සිසුවිය ඉතා දැඩි අපහසුතාවයකට පත් කළා...
මෙම සිද්ධියෙන් ඉතා දැඩි අපහසුතාවයකට පත්වූ මෙම සිසුවිය තම ජංගම දුරකථනයෙන් මේ පිළිබඳව දැනුම් දුනනා....
ඔහු ඇයට යම් උපදෙසක් ලබා දුන්නා. සුපුරුදු ලෙසම තවමත් මෙම හිටපු පොලිස් කොස්තාපල් වරයා අඹු-සැමි රංඟන ඇතුළත් අසැබි දසුන් සිසුවියට පෙන්වමින් සිටියා..
තම පියාගෙන් ලැබුනු උපදෙස් අනුව ඇය මේ පිළිබඳව එම බස් රථයේ කොන්දොස්තර වරයාට දැනුම් දුන්නා.
ඒ අනුව ඔහු නිට්ටඹුව පොලිස් මාර්ග බාධකය අසළදී බසය නවතා වහා අදාළ සිද්ධිය එහි සිටි නිළධාරීන් හට දැනුම් දුන්නා.
වහා ක්‍රියාත්මක වූ පොලිස් නිළධාරීන් අදාළ පුද්ගලයාව බසයෙන් බැස්ස වූ අතර ඔහුගේ ජංගම දුරකථනයද පරීක්ෂා කළා...
රු.25,000ක් පමණ වටිනාකමකින් යුත් එම ජංගම දුරකථනය තුළ ඉතාමත් අසභ්‍ය අන්දමේ ඡායාරූප හා වීඩියෝ දර්ශන තිබුණි.
අනතුරුව ජංගම දුරකථනය සමඟ ඔහු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි..
මෙම අත්අඩංගුවට පත් සැකකරු (55) පනස් පස්වන වියෙහි පසුවන බවද, ඔහුට දහ අට(18) හැවිරිදි දියණික්ද සිටින අතර ඔහු දෙදරු පියෙක් බවද පසුව දැනගන්නට ලැබී තිබුණා...
මේ පිළිබඳව පරීක්ෂණ නිට්ටඹුව පොලිස් ස්ථානයේපොලිස් පරීක්ෂක සමන් ජයසිංහ, උප පොලිස් පරීක්ෂක එච්. පි. සිරිවර්ධන, පොලිස් කොස්තාපල් (38378)ඒකනායක, සිවිල් ආරක්ෂක භට (73509) එම්. පි. සම්පත් යන පිරිස විසින් පවත්වන බවද දැනගන්න ලැබුණා...
විශේෂම කාරණය නම් ඉහත සඳහන් කළ සිසුවියගේද පියාද පොලිස් පරීක්ෂක වරයෙකි.
ඔබටත් මෙවන් අවස්ථා වලට මුහුණ දීමට සිදුවූ අවස්ථා එමට ඇති. එවන් අවස්ථා වලදී ඔබත් නුවණැතිව ක්‍රියා කිරීම තුළින් ශ්‍රී ලංකාව තුළ මෙවන් මානසික රෝගීන් හා ඔවුන්ගේ මෙවන් ක්‍රියාවන් අසන්නට ලැබීම අවම කරගත හැකිය....
මෙම බ්ලොග් අඩවියේ (මඩ පාරේ) අරමුණ වන්නේද යහපත් සමාජයකින් පිරි යහපත්
සමාජයකට පුංචි අඩි පාරක් තනා, එය නවීකරණය වන සමාජය තුළ නව මාවතක් කොට සියලු
ශ්‍රී ලාංකිකයන් තුළින් සියළු ලොක වාසීන් හට තවත් බණක් නොව, ආදර්ශමත්
සමාජයක් තුළින් නවීකරණය තුළින් ගෝලීයකරණය වන සමාජයට මනුෂ්‍යත්වයේ පුළුල්
මාවතක් ඉදිකිරීමයි.....
සුරේෂ් මධුශාන්...
පුවත්පත් ඇසුරෙනි.........
No comments:
Post a Comment
sureshmadhushan@gmail.com