නෙළුම් කුලුණ
සන්නිවේදන තාක්ෂණයේ මහත් පෙරළියක් ඇති කරමින් ජනවාරි මස 20 වන දින සුබ මොහොතින් මුල් ගල තබමින් ඉදිකිරීම් ආරම්භ කෙරෙන දැවැන්ත විදුලි සංදේශ නෙළුම් කුලුන හුදෙක් ම සංදේශ කුලුනක් ලෙසින් ම පමණක් නො ව විනෝදාස්වාදය සපයන අති සුඛෝපබෝගී මධ්‍යස්ථානයක් ලෙසින් ද ඉදිකෙරෙනු ඇත.
එදා මේ ලංකාදීපය මහා ගාම්භීරත්වයකින් ඔසවා තැබීමට හැකි වූ අනුරපුර, පොළොන්නරු යුගවල බිහි වූ අති දැවැන්ත චෛත්‍ය දාගැබ්වලට නොදෙවෙනි ලෙසින් අද මේ බිහිවන නෙළුම් කුලුන රටේ ප්‍රෞඪත්වය හෙට දිනේ විදහා දක්වනු නොඅනුමානය.
ශ්‍රී ලංකාව නව ආශ්චර්යමත් ලෝකයක් කරා පියමං කරමින් පවතින මෙවන් මොහොතක මුළු කොළොම් පුරය ම අරා ගනිමින් අහස් කුස තෙක් දිවෙන ඒ මහා දැවැන්ත නෙළුම් කුලුනේ ඉදිකිරීම සැබවින් ම ආශ්චර්යමත් දේශයක ඇරඹුමක් ම වන්නේය.
පැරිසියේ අයිෆල් කුලුණ, කැනඩාවේ සී. එන් කුලුණ වැනි අලංකාර කුලුණක් තව ටික කලකින්ම ශ්‍රී ලංකාවේත් ඉදිවෙනවා. ලෝටස් ටවර් හෙවත් නෙළුම් කුලුණ නම් තබා ඇති එය ඉදි කෙරෙන්නේ කොළඹ ඩී.ආර්. විජේවර්ධන මාවතේ තැපැල් දෙපාර්තමේන්තු මූලස්ථානයට යාබදව බේරේ වැව ඉස්මත්තේදීය....
මේ කුලුණ කරන්නේ කොළඹ නගරයට සංචාරක ආකර්ෂණය ඇතිකරවීම සදහාත්, සන්නිවේදන හා විනෝදාත්මක අවශ්‍යතාවයන් සඳහාත්ය....
මෙහි මුල් ගල තැබීමේ උත්සවය 2012 ජනවාරි මස 20 වැනිදා පවත්වනු ලැබුවා. චීන රජයේ කොන්ත්‍රාත් සමාගමක් විසින් මෙය ඉදිකරන අතර සැලසුම සකස් කරන්නේ මොරටුව විශ්ව විද්‍යාලයේ මහාචාර්ය වරුන් වන නිමල් ද සිල්වා, සමිත මානවඩු හා චිත්‍රා වෙඩික්කාර යන අයයි. නෙළුම් කුලුණ වසර දෙක හමාරක ව්‍යාපෘතියක් වන අතර එය 2014 මැද භාගය වනවිට සම්පූර්ණයෙන්ම වැඩ අවසන් කිරීමට නියමිතය...
ජාතික ඌරුව විදහා දැක්වෙන ලෙසින් ඉදි කෙරෙන මෙම දැවැන්ත කුලුනු රාජයා නෙලුමක හැඩය ගන්නා බැවින් නෙළුම් කුලුනක් ම වේ.
මෙම
ඉදිකිරීමත් සමඟ සංචාරකයන්ගේ ඉහළ ඉල්ලුමක් මේ සඳහා ඇතිවනු ඇති අතර එය
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය වර්ධනය කිරීමට එක්තරා අයුරකින් ඍජු
දායකත්වයක් ද සපයනු ඇත. මෙම බහු සම්ප්‍රේෂණ කුලුන කොළඹ ඩී.ආර්.විජේවර්ධන
මාවතේ පිහිටි හෙක්ටයාර් 3.06ක භූමි භාගයක බේරේ වැව අසල ඉදිකෙරෙනු ඇත.
මීටර්
350ක් උසැති බහු සම්ප්‍රේෂණ කුලුනක් ලෙසින් ඉදිකෙරෙන මෙම නෙළුම් කුලුන
දකුණු ආසියාවේ උස ම කුලුන වශයෙන් ඉදිවන අතර, එය මුළු මහත් රටේ ම පමණක් නො ව
විශේෂයෙන් ම කොළඹ නගරයේ ආකර්ෂණීයත්වයේ සංකේතයක් ම වනු ඇත.
ලෝකයේ උස ම
කුලුනු පහ ලෙස පිළිවෙලින් ෂැංහයි කුලුන, බීජිං කුලුන, බර්ලින් කුලුන,
ටෂ්කෙන්ට් කුලුන හා අයිෆල් කුලුන සැලකේ. ප්‍රංශයේ පිහිටි අයිෆල් කුලුන
මීටර් 324ක් උසින් යුක්ත වන අතර ලංකාවේ ඉදිකෙරෙන මෙම කුලුන අයිෆල් කුලුනට
වඩා මීටර් 26ක් උසය. එබැවින් මෙම කුලුන ලෝකයේ උස ම කුලුනු අතරින් 5 වන
ස්ථානය හිමි කර ගන්නා බව මෙම කුලුනට ජීවය ලබාදීමට කැපවී සිටින ශ්‍රී ලංකා
විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.
නෙළුම් කුලුණට මුල් ගල තැබූ අවස්ථාව ඡායාරූප ගතවී තිබුණු අයුරු
මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ මූල්‍යය
දායකත්වයෙන් ක්‍රියාත්මක කර ඇති අතර, තාක්ෂණික සහය මොරටුව විශ්වවිද්‍යාලයේ
වාස්තු විද්‍යා පීඨයෙන් ලබා ගෙන ඇත. ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තු ගත පිරිවැය
ඇමරිකානු ඩොලර් මිලියන 104.3කි. මෙම මුදල චීනයෙන් ණයක් ලෙස ලංකාවට හිමි වන
බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.
දැවැන්ත ව්‍යාපෘතියක් ලෙසින් ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිය අවුරුදු 2
½ක් එනම් මාස 30ක් වැනි කෙටි කාලයක් ඇතුළත ඉදිකිරීම් අවසන් කිරීමට කටයුතු
යොදා ඇති අතර මෙහි ඉදිකිරීම් කටයුතු ජනවාරි මස 20වන දින ආරම්භ කර මහල්
ඉදිකිරීම මාස හයක් ඇතුළත ආරම්භ කිරීමට පියවර ගෙන ඇත. පැය 24පුරාවට ම කරන
ඉදිකිරීමක් වන බැවින් මෙහි වැඩකටයුතු මාස 30ක් ඇතුළත අවසන් කිරීමට හැකිවනු
ඇති බවට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විශ්වාසය පළ කරයි.
දැනට ලොකයේ උසම කුලුණ ජපානයේ ටෝකියෝ නුවර ස්කයි ට්‍රී වන අතර එය මීටර 634ක් උසය.. මීටර 350ක් උස නෙලුම් කුළුණ ඉදි කිරීමෙන් පසු එය දකුණු ආසියාවේ උසම කුළුණ වන අතර ලෝකයේ උසම කුළුණු අතරින් 19 වන තැවට පත්වනවා. දකුණු ආසියාවේ දැනට උසම කුළුණ ඉන්දියාවේ රාමේස්වරම් ටී වී ටවර්ය.එය උසින් මීටර 323කි. අපේ ඉදිවන කුළුණ මීටර 350කි...!!!
'
මෙම විශාල කුලුනු රාජයා නිර්මාණය කිරීම අති දැවැන්ත කාර්යයක් වන අතර ඒ සඳහා
චීන රජයට අයත් සමාගම් දෙකක් සිය ඉදිකිරීම් දායකත්වය ලබා දේ. ඉදිකිරීම්
සම්බන්ධීකරණය ඇතුළු නෙළුම් කුලුනේ සියලු ම අයිතීන් පැවරෙනුයේ විදුලි සංදේශ
නියාමන කොමිෂන් සභාවටයි. මෙහි ඉදිකිරීම් පිළිබඳ ව නිරන්තර ව ම විදුලි සංදේශ
නියාමන කොමිෂන් සභාවේ සභාපති ලලිත් වීරතුංග මහතා මෙන් ම එහි අධ්යක්ෂ
ජනරාල් අනූෂ පැල්පිට මහතාගේ අවධානය යොමු කර තිබීම දැකිය හැකි විශේෂත්වයකි.
පැය එකහමාරක් තුළ එය එක් වටයක් කැරකෙන්නට නිර්මාණය කරනු ඇත. මෙහි තනන්නට යන උත්සව ශාලාව මංගල උත්සව හා ප්‍රිය සම්භාෂණ සඳහා විවෘත කිරීමට නියමිතය. මුළු කොළඹම කවුළු තුළින් නරඹන්නට හැකි මෙම ශාලාව එකවර 1000කට අසුන් පැනවීමට හැක් ලෙස නිර්මාණය කරනු ඇත
මෙම කුලුනට වර්ග අඩි
තුන් ලක්ෂයකට ආසන්න ඉඩ ප්‍රමාණයක් ඇතුළත් වේ. කුලුන පොළොව
මට්ටමේ සිට තට්ටු හතරකින් ආරම්භ වේ. මෙහි ඇතුළත අධිවේගී විදුලි සෝපාන හයක්
ක්‍රියාත්මක වේ. කුලුනට අධිවේගී විදුලි සෝපාන එක් කිරීම නිසා තට්ටු 85ක 90ක
දුර ප්‍රමාණය යෑමට මිනිත්තු දෙකක් පමණ කෙටි කාලයක් ගතවනු ඇත. බිම් මහල්
4න්
පසු කුලුන සිලින්ඩරාකාර හැඩයක් ගන්නා අතර එය මීටර් 270ක් එනම් මහල්
85ක
හෝ 90ක
උසක් ගනු ඇත. නෙලුම් මලක හැඩය ගන්නා කුලුනු ශීර්ෂයට මහල් නවයක්
ඇතුළත් වන අතර මෙම මහල් නවයට ම නැරඹුම් මැදිරියක් ද ඇතුළත් වෙයි.
ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්ය කරා යන ගමනේ දී තොරතුරු තාක්ෂණයෙන් හා
සන්නිවේදන තාක්ෂණයෙන් වඩාත් ඉහළට රට ගමන් කර වීම අතිගරු ජනාධිපති මහින්ද
රාජපක්ෂ මැතිතුමාගේ එක් අරමුණක් බව මේ පිළිබඳ ව අදහස් දක්වන විදුලි සංදේශ
නියාමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා පැවසීය. එම අරමුණ
ඉටු කර ගැනීම සඳහා මෙම ඉදිකිරීමට යෝජිත නව බහු සම්ප්‍රේෂණ කුලුන ද
විශේෂයෙන් ම හේතු වන බව එහි දී ඔහු විසින් තවදුරටත් පෙන්වා දුන්නේය.
අති දැවැන්ත සන්නිවේදන පෙරළියක් සහිත ආශ්චර්යමත් ශ්‍රී ලංකාවක් බවට මේ රට පත් කිරීමේ ඉදිරි දැක්ම හීනයක් නො ව යථාර්ථයක් ම බව පතළ කරමින් මෙම අති දැවැන්ත නෙළුම් කුලුනු රාජයා නිර්මාණය කිරීමේ කාර්යයට අද එළැඹ ඇත.
අති දැවැන්ත සන්නිවේදන පෙරළියක් සහිත ආශ්චර්යමත් ශ්‍රී ලංකාවක් බවට මේ රට පත් කිරීමේ ඉදිරි දැක්ම හීනයක් නො ව යථාර්ථයක් ම බව පතළ කරමින් මෙම අති දැවැන්ත නෙළුම් කුලුනු රාජයා නිර්මාණය කිරීමේ කාර්යයට අද එළැඹ ඇත.
මෙවන් කුළුණකට හිමිකම් කීමට අපේ පරම්පරාවට හැකි බව අපට කෙදිනෙකවත් නොසිතෙන්නට ඇත. නමුත් සත්‍යය එය බවට සිහින නැතුවාට සැක නැත. ඉතින් අප කළ යුත්තේ මෙවන් ප්රෘඩ ක්‍රියාවන් විවේඡනය කිරීමද? නොහොත් මේ ගැන ආඩම්බර වීමද?....
මා දකින විදියට ඇත්තටම ඔබ කලයුත්තේ මේ රටට ඔබත් තවත්
නෙළුම් කුලුණක් සෑදීමයි... දැන් ඔබ කල්පනා කරනවා ඇත්තේ ඔබ කෙසේ එය කරම්ද යන්න විය
යුතුයි... මා ඔබට කීවේ තවත් නෙළුම් කුලුණක් සාදන්න කියාය...
ඇත්තටම ඔබට හා මට මේ රට ජාතිය වෙනුවෙනු නෙළුම් කුලුණු
සාදාන්නට හැකිය. කෙසේද යත්, ඔබටත් මටත් සියළු මනුෂ්‍ය සත්වයා වෙනුවෙන් නෙළුම්
කුලුණක් විය හැකිය.. මේ ජීවිතය අවසන් කොට අප මේ පොළව හැරදමා දිනෙක යනු ඇත. එදිනට ඔබට
තුන් ාකාරයකින් මේ පොළවින් සමුගත හැකිය. එනම්
- · සත් පුරුෂයෙකු ලෙසින්
- · අසත් පුරුෂයෙකු ලෙසින්
- · තමන්ගේ පාඩුවේ කාටත් කරදරයක් නැතුව ඔහේ සිටි අයෙකු ලෙසින්
සත් පුරුෂයෙකු යනු සමාජයට ඔබ නෙළුම් කුලුණකි. බොහෝ අය
ඔබගේ ගුණ කියයි. ඔබව වර්ණනා කරයි. ඔබගෙන් ඔවුනට බොහෝ ප්‍රයොජන මෙන්ම ආදර්ශයන්ද ඇත.
ඔවුන් ඔබව ආදර්ශයට ගෙන ඔබගේ ගති ගුණයන් අගේ කරයි...
අසත් පුරුෂයා යනු සමාජය විසින් අප්‍රිය කරන ලද්දන්ය. (
දැනට මත් ඔබ, ඔබ අසල සිටින ඔබ සමග ජීවත් වන අසත්පුරුෂයන් සිහිකරනවා ඇත. ඔබ නොදන්න
දෙයක් කියන්නම්!!! ඇත්තම තත්වය අසත්පුරුෂයා ඔහු නොව, ඔබ බව තවම ඔබට වැටහී නැතුවාට
සැක නැත... * ඔබගේ සහෝදරයාගේ ඇසෙහි ඇති රොඩ්ඩ ඉවත් කිරීමට ප්‍රථමයෙන් ඔබ ඔබේ ඇසෙහි
ඇති පොල් පරාලය ඉවත් කරගන්න... එවිට ඔබට ඔබේ ඇස් හොදින් පෙනෙනවා ඇත.. යේසුස් ක්‍රිස්තුස්
වහන්සේ! ශු. බයිබලය.) එවන් ශ්‍රේෂ්ඨයන්
මෙවන් වචන පවසා ඇත්තේ ඔවුන්ගේ කට කහනවාට නොව, මනුෂ්‍යාගේ යහපත උදෙසාය..
තුන් වැන්න නමි ඔහේ ජීවත් වී මිය යාමයි... ඔබ දන්නෙහිද?
ඔබ බොහොවිට මෙවන් පුද්ගලයන් හට සමාන අය වගා බිම් ආශ්‍රිතව දැක ඇත. එනම් පඹයන්ය...
ඔවුන්ද ඔහේ සිටී. ගොවියා ඔහුව කුඹුර මැද සිටුවා ටික කලක් ගතවන විට කුරුල්ලන් පවා
ඔහුගේ හිස මත අසූචි හෙලා දමයි. ඒත් ඔහු ඔහේ සිටියි. කාටවත් ඔහුගෙන් කරදරයක් නැත.
ඔබත් දැන් මොහොතක් සිතන්න ඔබට මේ චරිත තුනෙන් ඔබ වඩා කැමති සමාජය ඔබට කුමන චරිතය පිරිනමනවාද කියා....
නිසැකයෙනිම ඒ සත් පුරුෂයා නැමැති නෙළුම් කුලුණ බවට සැක නැත. එසේනම් දැන්ම ඔබ විසින් සාරධර්ම නැමැති පෑනෙන් හදවත නැමැති සටහන් පොතේ ඇඳ, මනස නැමැති කොන්ත්‍රාත් කරුවන් හට ජීවිතය නැමැති ඉඩමේ දුරගුණ නැමැති කටු පඳුරු උගුලා පාපිෂ්ඨ සිතුවිලි නැමැති කසළ ඉවති කොට සත්පුරුෂයා නැමැති නෙළුම් කුලුණ ඉදිකිරීමට භාර දී සුභ සිතුවිලි වලින් අදම එහි මුල් ගල තබා වැඩ අරභන්න.....
සුරේෂ් මධුශාන්
No comments:
Post a Comment
sureshmadhushan@gmail.com