Saturday, January 21, 2012

මගේ නංගිට මොකද වුනේ..? දේශපාලන හෙංචෙක් පැහැරගත් දැරියකගේ කතාව---



මේ කෙටි කතාවක් වත් තවත් එක් සුන්දර අත්දැකීමක්වත් නොවේ. මේ රටේ අවනීතිය රජ කරන බවට හොඳම උදාහරණයක්. අවනීතිය රජ වූ රටක පොලීසිය බලූ වෙනවා විනා වෙන කුමක් සිදුවේද?





 නිරෝෂා මධුමාලි,  ඇයගේ කථාව මට හමු වුනේ ඇය සිය නැගණිය සොයා දෙන ලෙස තැන තැන ඇවිදිමින් පිහිට පතන සිය මව සම`ග පැමිණ සිට අවස්ථාවක ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ මාධ්‍ය වාර්ථා කරුවෙකුට හමුවී ඔහුට පැවසූ දුක් ගැනවිල්ල ඇසුරෙන් ඔහු සැකසූ වාර්ථාවකිනි.(ලංකා ඊ නිව්ස් -2012.ජන.19, ප.ව.5.00) 
නිරෝෂාගේ නංගි ඒ කියන්නේ දෙහිඕවිට ජාතික පාසලේ 9 වසර ඉගෙනුම ලබන නදීශානී මධුෂාණි ගේ අක්කා. නදීශානී පසුගිය 2011 වසරේ නොවැම්බර් 5 වන දින අතිරේක පන්තියකට සහභාගී වීම සඳහා යමින් සිටියදී ප්‍රදේශයේ ප්‍රාදෙශිය දේශපාලඥයෙකුගේ හයිය ගත් කෙනෙකු ඇය පැහැරගෙන ගියා.
ඔවුන් ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ මාධ්‍ය වාර්ථා කරුට පවසා ඇත.

තවද, ඔවුන් පවසන අන්දමට
"අපි අවස්ථා ගණනාවක් පොලීසියට ගියා. ගිහින් කිව්වා මගේ දරුවාව හොයලා දෙන්න කියලා. ඒත් වැඩක් වුණේ නෑ. පොලිසිය අපිට උදව් කළේ නෑ." නදීශානිගේ මව කියා සිටියාය

මේ පිළිබදව අවිස්සාවේල්ල පොලිසියට සීඅයිබී 125/95 යටතේ පැමිණිල්ලක් කර ඇති නමුදු ඒ පිළිබඳව පොලිසිය කටයුතු කිරීමට මැලිකමක් දක්වන බව අතුරුදහන්ව ඇති දියණියගේ පියා වන එච්. රූපසිංහ මහතා සඳහන් කර ඇත.

නදීශානී පැහැරගෙන ගියේ කවුරුන්ද? 'ජනක' ඔහු දෙහිඕවිට ප්‍රාදේශීය සභාවේ පසුගියදා පැවති මැතිවරණයට තර`ග කළ සභාපතිවරයාට උදව් කළ, කාලයක් සිට ගංජා වෙළඳාමේ යෙදුණු කෙනෙකු බව වාර්තා වී ඇත.

පැහැරගත් නදීශානිගේ වැඩිමහල් සහෝදරිය.
දවසක් අපිට ආරංචි වුණා නංගි පනාවල කියන ප්‍රදේශයේ ගෙදරක ඉන්නවා කියලා. අපි ඊට පස්සේ පොලිසිය එක්ක එතනට ගියා. පස්සේ පොලිසිය අපිට ඉන්න කියලා ගෙදරකට බලන්න ගියා. ඇවිත් කිව්වා එතන කවුරුත් නෑ කියලා. මගේ නංගි ඉපදුනේ 1997 ජුලි 5 වැනිදා එයාට තවම වයස අවුරුදු 14 යි. මගේ නංගිට මොනවද වුණේ කියලා අපි කවුරුත් දන්නේ නෑ."

"මම තව දවසක් හොඳට ජනක එක්ක කතා කලා. මම කිව්වා මට නංගි බලන්න ඕන කියලා. පස්සේ එයා අසවල් තැනට එන්න කියලා කිව්වා. අපි පොලිසිය එක්ක ගියා. ඒත් ආවේ නෑ. ෆෝන් එක වැඩ කළෙත් නෑ. ඒ කියන්නේ අපි පොලිසියට කියන දේවල් මේ මිනිහා දැන ගන්නවා කියන එකද?" ඇය මාධ්‍ය වාර්ථා කරුගෙන් අසා සිටියා.

පැහැරගත් නදීශානිගේ මව,
"දැන් මගේ මහත්තයාගේ දුරකථනයට තර්ජනය කරනවා. ඒ ගැනත් අපි පොලිසියට කිව්වා. අනේ මගේ දරුවාව. මට කවදා දකින්න වෙයිද?"

මේ සිදුවීම් සිද්ධ වෙන්නේ භීෂණ සමයක නම් හිත හදාගන්න තිබුනා. නමුත් මේ සියල්ල සිදු වන්නේ දරුවන්ගේ හෙට දවස සුරක්ෂිත කරන බව දිනපතා ඇසෙන ආසියාවේ ආශ්චර්යමත් රට වීමට පෙරුම් පුරන අපේ අභිමානවත් ශ්‍රී ලංකාවේම තවත් කොනකින් ඉව ඇසීමම අපේ ඇසට ඇගිල්ලෙන් අනින කාරණාවකි.
තවද දෙමාපියන් පවසන ආකාරයට ‍‍‍‍*ඒ කෙල්ල ඉන්නවා ඇත්තේ කැමැත්තෙන් වෙන්න ඇති* ඔවුන් කල විමසීමකදී පොලිස් නිලධාරියෙකු දුන් පිළිතුරකි. ඒ ඔහු නීතිය ඉගෙනගෙන තිඛෙන ආකාරයට වෙන්නට ඇති. වයස අවුරුදු 18 ට අඩු බාලවයස් කාරියන් ලෙස හඳුනා ගන්නා අතර එවැනි කෙනෙකු කැමැත්තෙන් හෝ රඳවා තබා ගැනීම බරපතල වරදකි.

මේ අම්මා සහ අක්කා තමන්ගේ දුක කියන්නට කොළඹ ආවිත් තියෙනවා. පොලිස්පතිටද වරක් දුක කියා තිබේ. පරීක්ෂණ කරනවානේ පොඩ්ඩක් ඉන්න. පොලිස්පතිගේ පිළිතුර එයයි. ඉන්පසු ඇය එක්සත් ලක්වනිතා පෙරමුණේ සභාපතිනි පළාත් සභා මන්ත්‍රීනී ශාන්තිනී කෝන්ගහගේ හමු වී තමන්ගේ දුක කියා තිබේ. පසුව ඇය පොලිස්පති හමු වීමට 2012 01 05 දින ලිපියක් යවමින් ඉල්ලීමක් කළේය. අදටත් එයට පිළිතුරු නැත . පසුව පසුගිය 18 වැනිදා කාන්තා දුෂණ පිටුදැකීම වෙනුවෙන් පැවැත්වූ උද්ඝෝෂනයට මේ අම්මා සහ අක්කා පැමිණි අතර ඒ අවස්ථාවේදී ළමා හා කාන්තා අභිවෘද්ධි අමාත්‍ය තිස්ස කරලියද්ද හමු වීමට අවස්ථාව හිමි වුණා. එහි තමන්ට සිදු වී ඇති අසාධාරණය පිළිබඳව අමාත්‍යවරයා දැනුවත් කල අතර සති දෙකක් ඇතුලත විසඳුමක් ලබා දීමට අමාත්‍යවරයා පොරොන්දු වුණා. එම පොරොන්දුව සති දෙකක සැනසුම් සුසුමක් පමණක් වේද?

සටහන සහ සේයාරූ
ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ මාධ්‍ය වාර්ථාකරු චතුරංග ද අල්විස්ගේ වාර්ථ‍වක් ඇසුරෙනි...

අපි ප්‍රෘඩ ඉතිහාසක් හිමි සිංහයන් වන් රජවරුන්ගේ රාජ්‍යයන් යටාත් ගොඩනැගුණු ශී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පුර වැසියන් නොවෙමුද?
ඉතින් මෙවන් රටක මෙවන් අසමත්ජාති මිනිසුන් සිටිනවා යැයි ඇසීම පවා අපගේ ලෙය ගැන අපටම ලැජ්ජා හිතෙන කාරණයකි..
අපටද මේ සමාජය තුළ බොහෝ සම්බන්ධකම් තිබෙන්නට පුලුවන. අප එම බලය හා සම්බන්ධකම් අපේ යහපතට පමණක් නොව සියළු මනුෂ්‍ය සන්හතියෙම සුභ සිද්ධිය උදෙසා පරිහරණය කළ යුතුව ඇත. දුබලයන් අපට හමුවණ අවස්තා වලදී අප ඔවුන් හෑල්ලු කොට සලකා, ඔවුන් පාගා දමනවාට වඩා ඔවුන්ව දිරිමත් කොට ඔවුන් නඟා සිටුවන්නට ඔවුන් හට මනුෂ්‍යත්වයේ දෑත දිගුකල හැකිනම් දිනෙක ඔබ තවත් බලවතෙකු, එසේත් නැතිනම් බලය හිමි පාපිෂ්ඨයෙකු ලෙස ඔබ විසින් සමාජයේ හන්වඩු ගැසීමට ප්‍රථමයෙන් සමාජය විසින් ඔබව මනුෂ්‍යත්වය තුළ ශ්‍රේෂඨයෙකු ලෙස ඔසවා ඔබේ නම මනුෂ්‍යත්වය නැමැති ශ්‍රේෂ්ඨ භාෂාවෙන් ඉතිහාසය නැමැති පොතට ඔබටත් හොරා රන් අකුරින් එකතු කරනවා ඇත....

ඉතින් ඔබ කැමති තවත් කෘර බලවන්ත නරයෙකු වීමටද? නොහොත් මනුෂ්‍යත්යේ නමින් මේ පොලවට ඉපදුනු ශ්‍රේෂඨ වීමටද?

මෙම බ්ලොග් අඩවියේ (මඩ පාරේ) අරමුණ වන්නේද යහපත් සමාජයකින් පිරි යහපත් සමාජයකට පුංචි අඩි පාරක් තනා, එය නවීකරණය වන සමාජය තුළ නව මාවතක් කොට සියලු ශ්‍රී ලාංකිකයන් තුළින් සියළු ලොක වාසීන් හට තවත් බණක් නොව, ආදර්ශමත් සමාජයක් තුළින් නවීකරණය තුළින් ගෝලීයකරණය වන සමාජයට මනුෂ්‍යත්වයේ පුළුල් මාවතක් ඉදිකිරීමයි.....

සුරේෂ් මධුශාන්

1 comment:

  1. සමාජයට මේ පණිවිඩය දෙන එක හොදයි කියලා හිතෙනවානම් මේක share කරන්න

    ReplyDelete

sureshmadhushan@gmail.com